BREAKING NEWS
🚀 Kaweesha launched the new AI Tech Blog! 💻 Python & Java Tutorials are now live. 🎮 Game Development Guide: Building 2D Games with Godot. 🌐 Web Hosting secrets revealed - Check the latest post!

Java Programming Sinhala - Part 01: The Ultimate Beginner Guide (JDK, JVM & First Code)

Java Programming JDK JVM Explanation Sinhala

Programming ලෝකයේ "රජු👑" කවුද කියලා ඇහුවොත්, තාමත් උත්තරේ Java. කවුරු හරි නෑ කිව්වොත් කනට එකක් ගහලා මේක පෙන්නන්න😁👌. ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් වල ඉඳන් බැංකු පද්ධති (Banking Systems) දක්වා දුවන දැවැන්තම භාෂාව තමයි Java කියන්නේ. ☕

අද KP Tech Gear හරහා අපි පටන් ගන්නේ Java Programming මුල සිට සරලව සිංහලෙන් ඉගෙන ගන්නා පාඩම් මාලාවයි. University Student කෙනෙක්ට වුනත්, O/L කරන නංගිලා මල්ලිලාට වුනත් තේරෙන විදියට අපි මේක කතා කරමු.

1. Java පටන් ගන්න කලින් (JDK, JRE, JVM) 🛠️

Java කියන්නේ නිකන්ම කෝඩ් ලියන එක නෙමෙයි. මේක හරියට වැඩ කරන මැෂින් එකක් වගේ. මේකේ ප්‍රධාන කොටස් 3ක් තියෙනවා. මේ ටික නොදැන Java කරන්න බෑ.

1. JDK (Java Development Kit) - "ඉවුම් පිහුම් බඩු":
අපිට Java කෝඩ් ලියන්න, Compile කරන්න ඕන කරන හැම Tool එකක්ම තියෙන්නේ මෙතන. Developer කෙනෙක් විදියට ඔයාගේ මැෂින් එකේ අනිවාර්යයෙන්ම JDK එක Install කරලා තියෙන්න ඕනේ.

2. JRE (Java Runtime Environment) - "කුස්සිය":
අපි ලියපු කෝඩ් එක Run වෙන්න අවශ්‍ය වටපිටාව (Environment) හදලා දෙන්නේ මෙයා.

3. JVM (Java Virtual Machine) - "අරක්කැමියා (The Chef)":
මේක තමයි මොළකරු. අපි ලියන කෝඩ් එක පරිගණකයට තේරෙන භාෂාවට හරවලා වැඩ කරවන්නේ JVM එකයි.

1.1 පියවර 01: Java පරිගණකයට දාගමු (Installation) ⚙️

අපි කෝඩ් ලියන්න කලින් අපේ පරිගණකයට JDK (Java Development Kit) එක දාගන්න ඕනේ. මේ පියවර ටික හරියටම අනුගමනය කරන්න.

පියවර 1: Download කිරීම

මුලින්ම නිල Oracle වෙබ් අඩවියට ගිහින් අලුත්ම JDK එක ගන්න ඕනේ.

  • Google එකේ Download JDK කියලා Search කරන්න (හෝ Oracle Site එකට යන්න).
  • Search කරන්න කම්මැළී වගේ නේද? එහෙනම් මේක උඩ Click කරන්න.
  • ඔයාගේ පරිගණකය Windows නම්, Windows x64 Installer කියන එක Download කරගන්න.

පියවර 2: Install කිරීම

Download වුන File එක Open කරලා Next > Next දීගෙන යන්න. (කිසිම දෙයක් වෙනස් කරන්න එපා).

🔔 විශේෂ අවවාදයයි:
ඉන්ස්ටෝල් වෙද්දි අහන්න පුළුවන් "Add to PATH" කියලා පොඩි කොටුවක්. පුළුවන් නම් ඒක Tick (✅) කරන්න. එතකොට ඉබේම සැකසුම් හැදෙනවා. එහෙම නැත්නම් අපිට අතින් හදන්න වෙනවා (පහත බලන්න).

පියවර 3: හරියට Install වුනාද බලමු? (Verification)

දැන් CMD (Command Prompt) එක Open කරලා මේ Command එක ගහන්න:

java -version

එතකොට java version "21.0.x"... වගේ විස්තරයක් වැටුනොත් වැඩේ ගොඩ! 🎉

java version "25.0.2" 2026-01-20 LTS
Java(TM) SE Runtime Environment (build 25.0.2+10-LTS-69)
Java HotSpot(TM) 64-Bit Server VM (build 25.0.2+10-LTS-69, mixed mode, sharing)

හැබැයි, 'java' is not recognized කියලා Error එකක් ආවොත්? ඒ කියන්නේ අපි "Environment Variables" හදන්න ඕනේ. (ගොඩක් අයට මේක වෙනවා).

⚠️ Error එක එනවද? මේක කරන්න:
  1. Windows Search එකේ env කියලා ගහලා "Edit the system environment variables" තෝරන්න.
  2. එන Box එකේ පහළ තියෙන "Environment Variables" Button එක ඔබන්න.
  3. දැන් "System Variables" කොටසේ Path කියන එක තෝරලා Edit ඔබන්න.
  4. New ඔබලා, ඔයා Java Install කරපු තැන තියෙන bin ෆෝල්ඩර් එකේ ලිපිනය (Path) එතනට Paste කරන්න. (Variable Value: කියන තැනට), Variable Name: එක HOME_Java කියලා දාන්න.
    (උදා: C:\Program Files\Java\jdk-21\bin)
  5. දැන් OK කරලා CMD එක ආයේ Open කරලා බලන්න.

2. අපිට ඕන කරන Software මොනවද? 💻

Java කෝඩ් ලියන්න , , වගේ ලොකු IDE (Integrated Development Environments) ඕන තරම් තියෙනවා. හැබැයි,

🚫 මගේ උපදෙස: ඔයා පටන් ගන්න අලුත් කෙනෙක් නම්, මුල් දවස් ටිකේ ලොකු IDE පාවිච්චි කරන්න එපා!

ඇයි? IDE එකෙන් ඔයාට වැරදි (Errors) ඉබේම හදලා දෙනවා. එතකොට ඔයාට කෝඩ් එක මතක හිටින්නේ නෑ. ඒ නිසා මුල් සති 2ක විතර පුරුදු වෙන්න පාවිච්චි කරන්න. අතින්ම Type කරලා, Command Prompt එකේ Run කරද්දි තමයි නියම Programmer කෙනෙක් හැදෙන්නේ.

3. Let's Write First Code: "Hello Java" ☕

දැන් Notepad++ එක Open කරගෙන, පහත කෝඩ් එක Type කරන්න. (Copy-Paste කරන්න එපා! Type ම කරන්න). ඊට පස්සේ මේක MyFirstJava.java කියන නමින් Save කරන්න.

public class MyFirstJava {
   public static void main(String[] args) {
       System.out.println("My name is Java, I'm very interesting");
   }
}

4. කෝඩ් එකේ පශ්චාත් භාග පරීක්ෂණය (Code Breakdown) 🔍

මේ කෝඩ් එකේ තියෙන හැම වචනයක්ම අපි ගලවලා බලමු. මේවා නැති වුනොත් මොකද වෙන්නේ?

🟢 public class MyFirstJava

Java වල හැමදේම පටන් ගන්නේ Class එකකින්. Class එක කියන්නේ හරියට "ගෙදර" වගේ.

  • public: මේකෙන් කියන්නේ ඕනම කෙනෙක්ට මේ ගෙදරට එන්න පුළුවන් (Access කරන්න පුළුවන්) කියන එකයි.
  • MyFirstJava: මේක තමයි Class එකේ නම. වැදගත්ම දේ: ඔයා Save කරන File එකේ නමයි (`MyFirstJava.java`), මෙතන දෙන නමයි අකුරක් නෑර සමාන වෙන්න ඕනේ. නැත්නම් Error එනවා!

🤔 ඇයි File Name එකයි Class Name එකයි සමාන වෙන්නම ඕනේ?

ඔයාට හිතෙන්න පුළුවන් "ඇයි මට කැමති නමක් File එකට දෙන්න බැරි?" කියලා. මේක Java වල තියෙන විශේෂ නීතියක්.

සරලවම කිව්වොත්:
අපි Class එකක් public කියලා නම් කළාම, අපි Java Compiler එකට කියනවා "මේක තමයි ප්‍රධාන කෙනා, මුළු ලෝකෙම මෙයාට Access තියෙනවා" කියලා.

Java Compiler (javac) එක හදලා තියෙන්නේ, public Class එකක් දැක්ක ගමන්, ඒ නම තියෙන File එකක් (.java) ඉබේම හොයන විදියටයි. ඉතින් ඔයා File එකට වෙන නමක් දීලා තිබුනොත්, Compiler එකට ඒක හොයාගන්න බැරි වෙලා Error එකක් දෙනවා.

💡 මතක තියාගන්න:
ඔයාගේ Class එක public class Abc නම්, අනිවාර්යයෙන්ම File එක Abc.java විය යුතුමයි. (අකුරක්වත් වෙනස් වෙන්න බෑ!).

🟢 public static void main(String[] args)

මේ පේළිය කටපාඩම් කරගන්න. මේක තමයි Java Program එකක "ප්‍රධාන දොරටුව" (Main Gate). JVM එක Program එකක් Run කරන්න ගත්තම මුලින්ම හොයන්නේ මේ main කියන වචනේ තියෙන තැන.

  • void: මේ Method එකෙන් ආපහු කිසිම දෙයක් Return වෙන්නේ නෑ (හිස්).
  • String[] args: අපි Program එක Run කරන ගමන් එළියේ ඉඳන් දත්ත (Data) දෙනවා නම්, ඒවා ඇතුලට ගන්නේ මෙතනින්.
  • මොකද වෙන්නේ?: මේ පේළිය වැරදුනොත් හෝ නැති වුනොත්, "Main method not found" කියලා Error එකක් ඇවිත් Program එක Run වෙන්නේ නෑ.

🟢 System.out.println("...");

මේකෙන් තමයි අපිට තිරය (Console) මත යමක් Print කරගන්නේ.

  • System: අපේ පරිගණක පද්ධතිය.
  • out: Output එක (එළියට දාන එක).
  • println: Print Line (මේක Print කරලා ඊළඟ පේළියට යන්න).

4.1 තව පොඩ්ඩක් ගැඹුරට (Bonus Knowledge) 🧠

1. Comments (කෝඩ් එකේ සටහන්):
ඔයා දැක්කද මම කෝඩ් එකේ // දාලා සිංහලෙන් විස්තර ලියලා තියෙනවා? Java වලදී // ගැහුවම ඒ පේළියේ තියෙන දේවල් Computer එක ගණන් ගන්නේ නෑ. අපිට මතක තියාගන්න ඕන දේවල් එතන ලියන්න පුළුවන්.
2. Bytecode කියන්නේ මොකක්ද?
අපි javac කියලා Compile කළාම හැදෙන .class ෆයිල් එකට කියන්නේ Bytecode කියලා. මේක මැෂින් එකට තේරෙන්නේ නෑ. මේක තේරෙන්නේ JVM එකට විතරයි. අන්න ඒ නිසා තමයි Java වලට "Write Once, Run Anywhere" (එක පාරක් ලියලා ඕන තැනක දුවන්න) කියන්නේ.

5. කොහොමද මේක Run කරන්නේ? 🏃‍♂️

අපි තාම IDE එකක නැති නිසා, මේ පියවර අනුගමනය කරන්න:

  1. ඔයා File එක Save කරපු තැනට යන්න.
  2. Address Bar එකේ cmd කියලා ගහලා Enter කරන්න.
  3. දැන් එන කළු පාට Screen එකේ (CMD) මෙහෙම Type කරන්න:
javac MyFirstJava.java

(මේකෙන් අපි කෝඩ් එක Compile කළා. වැරදි නැත්නම් මුකුත් වැටෙන්නේ නෑ).

java MyFirstJava

(දැන් තමයි Run වෙන්නේ).

හරියට කළා නම්, "My name is Java, I'm very interesting" කියලා Print වෙන්න ඕනේ. එහෙම ආවා නම් සුභ පැතුම්! ඔයා නිල වශයෙන් Java Developer කෙනෙක්. 🎉

ඊළඟ කොටසින්: Variables, Data Types සහ Java වලින් ගණන් හදන හැටි.
දිගටම KP Tech Gear සමඟ රැඳී සිටින්න! 👇

Author

About

Tech enthusiast, Python/Java Developer, and Gamer. Sharing knowledge about coding and modern technology.

Discussion

Kaweesha AI ×
Hello Kaweesha! I am ready to help with Python, Java, or Hosting queries. 🤖