BREAKING NEWS
🚀 Kaweesha launched the new AI Tech Blog! 💻 Python & Java Tutorials are now live. 🎮 Game Development Guide: Building 2D Games with Godot. 🌐 Web Hosting secrets revealed - Check the latest post!

Python Game Dev - Part 01: Create Your First Game in 5 Minutes (Sinhala)

 

Python Number Guessing Game Code Sinhala

Programming කියන්නේ අමාරු දෙයක් කියලා හිතාගෙනද ඉන්නේ? නෑ, ඇත්තටම ඒක හරියට Game එකක් වගේ. අද අපි බලමු කොහොමද විනාඩි 5ක් ඇතුළත Python පාවිච්චි කරලා ඔයාගේම පොඩි Computer Game එකක් හදාගන්නේ කියලා.

මේ ලිපිය කියවලා ඉවර වෙද්දි, ඔයාට පුළුවන් යාලුවන්ට පෙන්නන්න පුළුවන් මට්ටමේ පොඩි වැඩකෑල්ලක් දාන්න. අපි පටන් ගමු! 🚀

What is Python? (ඇයි අපි Python තෝරගන්නේ?)

ලෝකේ තියෙන ලේසිම සහ ජනප්‍රියම භාෂාව තමයි Python. මේක හරියට අපි ඉංග්‍රීසි කතා කරනවා වගේම ලේසියි.

  • ✅ ඉගෙන ගන්න හරිම ලේසියි (Easy to learn).
  • ✅ ලොකු කෝඩ් ගහන්න ඕන නෑ (Short Syntax).
  • ✅ Hackers ලා, Data Scientists ලා වැඩිපුරම පාවිච්චි කරන Language එක.

The Basics: Magic Commands ✨

Game එක හදන්න කලින් අපි දැනගන්නම ඕන ප්‍රධාන විධාන (Commands) 3ක් තියෙනවා.

1. print() : මේකෙන් කරන්නේ Computer එක ලවා මොනවා හරි කියවන එක.

2. input() : මේකෙන් කරන්නේ අපිට ඕන දේවල් Computer එකට දෙන එක.

3. if / else : මේක හරියට තීරණ ගන්නවා වගේ. "මම දිනුවොත් පාටි, නැත්නම් ගෙදර" වගේ කොන්දේසි දාන්න පුළුවන්.

🧠 Game එකට ඕන කරන තියරි (The Ingredients)

අපි හදන්න යන්නේ Number Guessing Game එකක්නේ. ඒකට අපිට මේ වචන 3 තේරුම් ගන්නම වෙනවා. නැත්නම් කෝඩ් එකේ මොනවා වෙනවද කියලා හිතාගන්න බැරි වෙයි.

1. Variables (පෙට්ටි) 📦

හිතන්න ඔයාට වතුර ටිකක් තියාගන්න ඕනේ. නිකන් අතේ තියාගන්න බෑනේ, වීදුරුවක් ඕනේ. අන්න ඒ වගේ Computer එකේ Data තියාගන්න අපි පාවිච්චි කරන "වීදුරුව" තමයි Variable එක.

name = "KP Tech"  # නම දාන්න පෙට්ටියක්
score = 10        # ලකුණු දාන්න පෙට්ටියක්

2. Data Types (ජාති) 🔢 vs 🔤

Python වලට ඉලක්කම් සහ අකුරු පේන්නේ දෙකක් විදියට.

  • String (str): මේවා නිකන් වචන විතරයි. ගණන් හදන්න බෑ. (උදා: "Hello", "Kamal", "10") -> කොටු වරහන් ඇතුලේ තියෙන්නේ.
  • Integer (int): මේවා තමයි ගණන් හදන්න පුළුවන් නියම ඉලක්කම්. (උදා: 10, 50, 100).
⚠️ ලොකුම පැටලිල්ල:
අපි input() කියලා මොනවා ඉල්ලුවත්, Computer එක ඒක දෙන්නේ String (වචනයක්) විදියට.
අපිට ඒකෙන් ගණන් හදන්න ඕන නම්, අපි බලෙන්ම ඒක ඉලක්කමක් බවට හරවන්න ඕනේ. අන්න ඒකට තමයි අපි int() කියන කෑල්ල දාන්නේ.

Let's Build: "Number Guessing Game" 🎮

දැන් අපි හදන්න යන්නේ "ඉලක්කම අනුමාන කිරීමේ" ගේම් එකක්. පරිගණකය විසින් හිතේ ඉලක්කමක් තියාගන්නවා, අපි ඒක හරියටම අනුමාන කරන්න ඕනේ.

ඔහොම ඉන්න ඉතිම් කිව්ව ගමන් හදන්න බෑනේ🤦‍♂️🤦‍♂️🤦‍♂️, Python IDLE හරි VS Code හරි Download කරලා install කරන්න.😁

දැන් වැඩේ 50% ක් ගොඩ.👌වෙනම Folder එකක් තියාගන්න Python වලට, දැන් IDLE හරි VS Code හරි Open කරලා New File එකක් හදාගෙන ඒක අර Folder එක ඇතුලේ Save කරන්න, මතක ඇතුව File extension එක .py දාන්න

පහත Code එක ඔයාගේ Python Editor එකේ (IDLE හෝ VS Code) Type කරන්න.

import random  # 1. Random වැඩ කෑලි දාගන්න Library එක ගෙන්න ගමු

# 2. පරිගණකය 1ත් 10ත් අතර රහස් ඉලක්කමක් හිතාගන්නවා
# random.randint(1, 10) කියන්නේ 1-10 අතර ඕනම අංකයක්
secret_number = random.randint(1, 10)

print("🎯 Welcome to the Number Guessing Game!")
print("මම 1 ත් 10 ත් අතර ඉලක්කමක් හිතාගත්තා.")

# 3. ඔයාට අවස්ථා 3ක් ලැබෙනවා (Loop එක 3 පාරක් කැරකෙනවා)
for i in range(3):
    
    # 4. මෙතන int() දාලා තියෙන්නේ input එක එන්නේ වචනයක් විදියට නිසා.
    # අපිට ඕනේ ඉලක්කමක් නිසා අපි ඒක int (Number) එකක් බවට හරවනවා.
    guess = int(input("ඔයාගේ ඉලක්කම ගහන්න: "))

    # 5. Logic එක (Check කරනවා)
    if guess == secret_number:  # ඉලක්කම හරිද?
        print("🎉 නියමයි! ඔයා දිනුම්!")
        break  # දිනුම් නම් ගේම් එක නවත්තන්න (Loop එක කඩන්න)

    elif guess < secret_number: # ඉලක්කම පොඩි වැඩියි ද?
        print("එයිට වැඩියි! (Too Low)")

    else: # ඉලක්කම ලොකු වැඩියි ද?
        print("එයිට අඩුයි! (Too High)")

else:
    # 6. Loop එක 3 පාරම කැරකිලත් දිනුවේ නැත්නම් මේක එනවා
    print(f"😞 අයියෝ! මම හිතාගෙන හිටියේ {secret_number} ඉලක්කම.")

කොහොමද ඒක වැඩ කරන්නේ? 🤔

ඔයා උඩ තියෙන Code එක Run කළාම, Computer එක Random (අහඹු) ඉලක්කමක් තෝරගන්නවා. ඔයාට ඒක හොයන්න චාන්ස් 3ක් දෙනවා. ඔයා දෙන උත්තරේ වැරදි නම්, Computer එක ඔයාට පොඩි ඉඟියක් (Hint) දෙනවා "වැඩියි" හෝ "අඩුයි" කියලා.

ඔයා ඉන්නෙ IDLE නම් F5 Press කරාම මේක Run වෙනවා. VS Code නම් උඩ දකුණු පැත්තේ තියෙන Play Button එක Click කරන්න.

Well Done වැඩේ ගොඩ නේද?😎😍😍

මේ වගේ පොඩි දේවල් වලින් තමයි ලොකු Games හැදෙන්න පටන් ගන්නේ. ඊළඟ කොටසින් අපි බලමු කොහොමද මේකට ලකුණු (Score) දාන්නේ කියලා.

දිගටම KP Tech Gear සමඟ රැඳී සිටින්න! ප්‍රශ්න තියෙනවා නම් පහළින් Comment කරන්න. 👇


Author

About

Tech enthusiast, Python/Java Developer, and Gamer. Sharing knowledge about coding and modern technology.

Discussion

Kaweesha AI ×
Hello Kaweesha! I am ready to help with Python, Java, or Hosting queries. 🤖