Programming ලෝකයට එන්න හිතාගෙන ඉන්න, හැබැයි "කොහෙන්ද පටන් ගන්නේ?" කියලා හිත හිත ඉන්න ඔයාට සුභ ආරංචියක්! 🥳 අද KP Tech Gear අපි පටන් ගන්නේ ලංකාවේ බිහිවෙන සම්පූර්ණම සහ සරලම Python පාඩම් මාලාවයි.
මේ Course එක විශේෂ වෙන්නේ ඇයි? අපි නිකන්ම කෝඩ් ලියන හැටි විතරක් නෙමෙයි, පරිගණකය ඇතුලේ මේ දේවල් වැඩ කරන්නේ කොහොමද කියන තැන ඉඳන්, ඔයාගේම AI Tool එකක් හදන තැන දක්වා (Zero to Hero) ඔයාව අරගෙන යනවා. කිසිම දැනුමක් නැති කෙනෙක්ට වුනත් මේක තේරෙනවා කියලා මම 100% ක් ගැරන්ටි කරනවා. 🤝
අද පළවෙනි දවසේ අපි කතා කරන්නේ Python ලෝකයට ඇතුල් වෙන්න අවශ්‍ය මූලිකම පදනම ගැනයි. ලිපිය ටිකක් දිගයි, හැබැයි මේක කියෙව්වොත් ඔයාට ජීවිතේට Python ගැන ආයේ ප්‍රශ්නයක් එන්නේ නෑ.
1. ඇත්තටම මොකක්ද මේ Python කියන්නේ? 🐍
සරලවම කිව්වොත්, Python කියන්නේ මනුස්සයෙක්ට සහ පරිගණකයකට අතරමැද ඉඳන් කතා කරන්න උදව් කරන "භාෂා පරිවර්තකයෙක්" (Interpreter / Language).
පරිගණකය කියන්නේ ගොඩක් වේගවත් මැෂින් එකක් වුනාට, ඒකට තේරෙන්නේ 0 සහ 1 (Binary) විතරයි. අපිට සිංහල/ඉංග්‍රීසි පුළුවන් වුනාට 0/1 භාෂාව තේරෙන්නේ නෑනේ. ඉතින් අපි ඉංග්‍රීසි වචන වලින් දෙන විධාන (Code), පරිගණකයට තේරෙන විදියට හරවලා දෙන්නේ Python විසින්.
ගොඩක් අය හිතන්නේ Python ලෝගෝ එකේ නයි දෙන්නෙක් ඉන්න නිසා මේ නම දැම්මා කියලා. නෑ! මේක හදපු Guido van Rossum මහත්තයා, "Monty Python's Flying Circus" කියන විකට ටෙලි නාට්‍යයට කැමති නිසා තමයි මේ නම දැම්මේ. (විකාරයි නේද? 😂)
2. ඇයි ලෝකේ අනිත් හැම භාෂාවක්ම පැත්තක දාලා Python තෝරගන්නේ? 🏆
C++, Java, PHP වගේ භාෂා 1000ක් තියෙද්දි, ඇයි Google, NASA, Facebook වගේ ලොකු සමාගම් පවා Python පාවිච්චි කරන්නේ? හේතු 3යි.
1. කියවන්න හරිම ලේසියි (Simplicity)
Java වගේ භාෂාවක "Hello World" කියලා Print කරන්න පේළි 5ක් විතර ලියන්න ඕනේ. හැබැයි Python වල එක පේළියයි. මේක හරියට අපි නිකන් ඉංග්‍රීසියෙන් ලියුමක් ලියනවා වගේ ලේසියි. ඒ නිසා තමයි අලුතෙන් පටන් ගන්න අයට මේක හොඳම.
2. ඕනෑම දෙයක් කරන්න පුළුවන් (Versatility)
Python ඉගෙන ගත්තොත් ඔයාට යන්න පුළුවන් පාරවල් ගොඩයි:
- Web Development: වෙබ්සයිට් හදන්න.
- Data Science: දත්ත විශ්ලේෂණය කරන්න.
- Artificial Intelligence (AI): ChatGPT වගේ AI හදන්න.
- Automation: කම්මැලි වැඩ (Emails යවන එක වගේ) මැෂින් එක ලවා කරවගන්න.
- Hacking: Cyber Security වැඩ වලට.
3. වැඩිම පඩියක් ලැබෙන Job එක 💰
දැනට ලෝකයේ Software Engineers ලගෙන් වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් ගෙවන්නේ Python Developer කෙනෙක්ට. ලංකාවේ වුනත් ලක්ෂ 3-5 අතර පඩි ගන්න පුළුවන්.
3. පරිගණකය සූදානම් කරගමු (Environment Setup) 🛠️
දැන් අපි කතාව පැත්තක තියලා වැඩේට බහිමු. අපිට කෝඩ් ලියන්න Software 2ක් අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ.
පියවර 01: Python Install කරගැනීම
මේක තමයි අපේ එන්ජින් එක. මේක නැතුව කෝඩ් වැඩ කරන්නේ නෑ.
- පහත තියෙන Button එක Click කරලා Python නිල වෙබ් අඩවියට යන්න. Download Python Latest
- එතන කහ පාටින් තියෙන "Download Python 3.x.x" බට්න් එක ඔබන්න.
- Download වුන File එක Open කරන්න.
- දැන් "Install Now" ඔබන්න. විනාඩියකින් වැඩේ ඉවරයි!
Install කරන කොටුව ආවම, ඒකේ යටම තියෙනවා "Add Python.exe to PATH" කියලා පොඩි කොටුවක්. අන්න ඒකට අනිවාර්යයෙන්ම හරි (Tick ✅) ලකුණ දාන්න. මේක නොදැම්මොත් පස්සේ ලොකු Errors එනවා.
පියවර 02: VS Code දාගැනීම (Code Editor)
අපිට Notepad එකෙත් කෝඩ් ලියන්න පුළුවන්. ඒත් අපි "වැඩ්ඩො" නිසා පාවිච්චි කරන්නේ Visual Studio Code (VS Code). මේකෙන් අපිට ලේසියෙන් කෝඩ් ලියන්න, වැරදි හොයාගන්න උදව් කරනවා.
- පහත Button එකෙන් VS Code සයිට් එකට යන්න. Download VS Code
- Windows සඳහා තියෙන එක Download කරලා, නිකන්ම Next, Next දීලා Install කරගන්න.
- VS Code එක Open කරලා, වම් පැත්තේ තියෙන කොටු 4ක් වගේ අයිකන් එක (Extensions) ඔබන්න.
- Search Bar එකේ "Python" කියලා ගහලා, Microsoft ලාගේ නිල Extension එක Install කරගන්න.
4. ඔයාගේ ජීවිතේ පළමු Python කෝඩ් එක! 🎉
දැන් තමයි ගැම්ම එන වෙලාව. අපි Programming ලෝකේ සම්ප්‍රදායක් විදියට මුලින්ම කරන්නේ "Hello World" කියලා Screen එකේ Print කරන එක. මේක හරියට ගියා කියන්නේ ඔයාගේ Machine එක වැඩේට 100% ලෑස්තියි කියන එක.
- ඔයාගේ Computer එකේ Desktop එකේ "Python Course" කියලා අලුත් Folder එකක් හදන්න. (හැමදාම කරන පාඩම් මේකේ දාගන්න).
- VS Code එක Open කරලා උඩ තියෙන File > Open Folder ගිහින් අර Folder එක තෝරන්න.
- වම් පැත්තේ හිස් තැනේ Right Click කරලා New File දෙන්න.
- File එකට නමක් දෙද්දි
hello.pyකියලා දෙන්න. (අගට .py කෑල්ල අනිවාර්යයි. නැත්නම් Python File එකක් කියලා අඳුරගන්නේ නෑ). - දැන් මේ මැජික් කෝඩ් එක Type කරන්න:
print("Hello World! මම Python පටන් ගත්තෝ!")
කෝඩ් එක Run කරන්නේ කොහොමද? ▶️
VS Code එකේ උඩ දකුණු පැත්තේ තියෙන Play Button (▷) එක ඔබන්න. එහෙම නැත්නම් Ctrl + F5 ඔබන්න.
පහළින් තියෙන කළු පාට තිරයේ (Terminal එකේ) Hello World! මම Python පටන් ගත්තෝ! කියලා වැටුනද? 😍
ඔයා දැන් නිල වශයෙන් Programmer කෙනෙක්! ඔයා දැන් ලිව්වේ ඔයාගේ ජීවිතේ පළවෙනි Software එක.
5. කෝඩ් එකේ මොකද වුනේ? (Code Breakdown) 🧠
නිකන්ම කටපාඩම් කරලා හරියන්නේ නෑනේ. අපි බලමු ඒ කෝඩ් එකෙන් ඇත්තටම වුනේ මොකක්ද කියලා.
- print: මේක Python වල තියෙන විශේෂ විධානයක් (Function). මේකෙන් අපි පරිගණකයට කියනවා "මචං, මේ වරහන් ඇතුලේ තියෙන දේ එළියට පෙන්නපන්" කියලා.
- ("..."): වරහන් සහ උඩ කොමා (Quotes) ඇතුලේ තමයි අපි පෙන්නන්න ඕන වචන ලියන්නේ. මේවට කියන්නේ Strings කියලා.
6. එන ප්‍රශ්න සහ විසඳුම් (Troubleshooting) 🛠️
ප්‍රශ්නය: "Python is not recognized" කියලා Error එකක් එනවා.
විසඳුම: ඔයා Install කරද්දි අර මම කියපු "Add to PATH" එකට හරි ලකුණ දාලා නෑ. Python ආයේ Uninstall කරලා, මුල ඉඳන් දාන්න. (Tick එක දාන්න අමතක කරන්න එපා).
ප්‍රශ්නය: "SyntaxError" කියලා එනවා.
විසඳුම: ඔයා වරහන් වහන්න අමතක කරලා ඇති. නැත්නම් print එකේ p අකුර කැපිටල් (Print) දාලා ඇති. Python වල අකුරු පොඩි ද ලොකු ද කියන එක (Case Sensitive) හරිම වැදගත්.
අවසාන වශයෙන්... 🏁
අද අපි බොහොම සරලව Python පටන් ගත්තා. මේක තාම අත්තිවාරම විතරයි. මේක කියවන ඔයාට මම කියන්නේ, ලබන සතිය වෙද්දි ඔයාටම පුදුම හිතෙන මට්ටමේ වැඩකෑලි දාන්න මම ඔයාව හදනවා.
ඊළඟ පාඩමෙන් අපි බලමු කොහොමද පරිගණකයේ මෙමරිය (Memory) පාවිච්චි කරලා ඩේටා ගබඩා කරන්නේ කියලා (Variables & Data Types). ඒ පාඩම නැතුව කිසිම Software එකක් හදන්න බෑ.
දිගටම KP Tech Gear සමඟ රැඳී සිටින්න! ප්‍රශ්න තියෙනවා නම් පහළින් Comment කරන්න. 👇

Discussion