අපි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි විශේෂ දවස් වලට කෙල්ලට, කොල්ලට, ආදරණීයයන්ට "Happy Birthday" මැසේජ් එක යවන්න අමතක වෙන එක. රෑ 12ට යවන්න හිටියට නින්ද යනවා. උදේ බලද්දි එයා තරහ වෙලා. 😅
අද අපි බලමු කොහොමද Python පාවිච්චි කරලා, අපි නිදාගෙන හිටියත් වෙලාවටම WhatsApp Message එකක් Auto යවන්නේ කියලා. මේක කරන්න පේළි 2ක Code එකක් ඇති කිව්වොත් ඔයා විශ්වාස කරනවද?
අද KP Tech Gear එක්ක එකතු වෙලා මේ "මැජික් එක" ඉගෙන ගමු! 🎩✨
1. මැජික් එකට ඕන බඩු (Requirements) 🛠️
Python වලට නිකන්ම WhatsApp එක්ක කතා කරන්න බෑ. ඒකට අපි විශේෂ "ගෝලයෙක්" (Library එකක්) පාවිච්චි කරන්න ඕනේ. එයාගේ නම තමයි pywhatkit.
ඔයාගේ CMD (Command Prompt) එක Open කරලා මේ කෝඩ් එක ගහලා Enter කරන්න. (මේක කරන්න Internet ඕන හොඳේ!)
pip install pywhatkit
මේක Install වෙන්න පොඩි වෙලාවක් යයි. "Successfully Installed" කියලා ආවම වැඩේ ගොඩ.
2. කෝඩ් එක ලියමු (සම්පූර්ණ විස්තරය සමඟ) 💻
දැන් ඔයාගේ IDLE එක හෝ VS Code එක Open කරලා මේ කෝඩ් එක Type කරන්න. අපි මෙතන හැම කෑල්ලක්ම විස්තර කරලා තියෙනවා.
import pywhatkit
# මැසේජ් එක යවන්න ඕන නම්බර් එක (Country Code එක්කම ඕනේ)
phone = "+94700000000"
msg = "Happy Birthday! 🎂 මේක Python වලින් එවන Auto මැසේජ් එකක්."
# යවන්න ඕන වෙලාව (පැය 24 Format එකෙන්)
hour = 13 # දවල් 1 යි
minute = 30 # විනාඩි 30 යි
# --- මැජික් කෝඩ් පේළිය ---
pywhatkit.sendwhatmsg(phone, msg, hour, minute, 15, True, 5)
print("✅ Message Scheduled! වැඩේ ගොඩ!")
මොකක්ද මේ අන්තිමට තියෙන ඉලක්කම්? (Code එකේ කෑලි ගලවමු) 🔧
ඔයාට පේනවා ඇති අපි අන්තිමට 15, True, 5 කියලා කෑල්ලක් එකතු කළා. අලුත් අයට මේක පැටලෙන්න පුළුවන්. මෙන්න ඒකේ තේරුම:
- 15 (Wait Time): Browser එක Open වෙලා WhatsApp Web එක ලෝඩ් වෙන්න අපි තත්පර 15ක් කල් දෙනවා. (ඔයාගේ Internet ස්ලෝ නම් මේක 30ක් වගේ කරන්න).
- True (Tab Close): මැසේජ් එක යැව්වට පස්සේ Browser Tab එක වහන්නද කියලා අහනවා. "ඔව්" (True) කිව්වොත් එයා වැඩේ ඉවර වෙලා Tab එක වහලා දානවා.
- 5 (Close Time): මැසේජ් එක යැව්වට පස්සේ, Tab එක වහන්න කලින් තව තත්පර 5ක් ඉන්නවා. (නැත්නම් මැසේජ් එක යන්න කලින්ම ටැබ් එක වැහෙන්න පුළුවන් නිසා).
3. කොහොමද ඒක වැඩ කරන්නේ? (Behind the Scenes) 🧠
- කෝඩ් එක Run කළාම, Python විසින් ඔයා දීපු වෙලාව එනකම් බලාගෙන ඉන්නවා.
- හරියටම වෙලාවට තත්පර කිහිපයකට කලින්, Python විසින් ඔයාගේ Google Chrome Browser එක ඕපන් කරනවා.
- එයා ඉබේම
web.whatsapp.comඑකට ගිහින්, අදාළ නම්බර් එකේ Chat එක Open කරනවා. - ඊට පස්සේ එයාම මැසේජ් එක Type කරලා, Enter ඔබනවා.
මේක හරියට අදිසි හස්තයක් ඇවිත් ඔයාගේ ලැප් එක පාලනය කරනවා වගේ වැඩක්! 👻
4. වැඩ කරන්නේ නැද්ද? (Troubleshooting) 🛠️
ගොඩක් අයට එන ප්‍රශ්න වලට විසඳුම් මෙන්න:
- Browser එක Open වෙන්නේ නැද්ද?
ඔයාගේ Default Browser එක Google Chrome වෙන්න ඕනේ. නැත්නම් Python පාර හොයාගන්න බැරුව අතරමං වෙනවා. - Log වෙන්න කියනවද?
මේ කෝඩ් එක වැඩ කරන්න නම්, ඔයා කලින්ම Browser එකේ WhatsApp Web වලට Log වෙලා ඉන්න ඕනේ (Remember Me දාලා).
BONUS 01: Group එකකට මැසේජ් එකක් යවමුද? 🎁
ඔයාට තනි කෙනෙක්ට නෙමෙයි, Group එකකටම මැසේජ් එකක් දාන්න ඕන නම්, Group ID එක පාවිච්චි කරන්න පුළුවන්.
pywhatkit.sendwhatmsg_to_group("Group_ID", "Hello Group!", 10, 30)
(Group ID එක හොයාගන්න නම්, Group Link එකේ අන්තිමට තියෙන අකුරු ටික ගන්න).
BONUS 02: ෆොටෝ එකක් යවන්නේ කොහොමද? 📸
Text එකක් විතරක් යවලා හරියන්නේ නෑනේ. උපන්දිනේට කේක් එකක ෆොටෝ එකකුත් යවන්න ඕන නම්, මෙන්න ක්‍රමය.
cake.jpg).
import pywhatkit
# අන්තිමට තියෙන නම්බර් එකෙන් කියන්නේ Caption එක (Optional)
pywhatkit.sendwhats_image("+94700000000", "cake.jpg", "Happy Birthday! 🎂")
මේක Run වෙන්න ටිකක් වෙලා යන්න පුළුවන්, මොකද Image එක Upload වෙන්න ඕන නිසා. කලබල වෙන්න එපා!
⚠️ විශේෂ අනතුරු ඇඟවීමයි! (Don't Touch)
මේ කෝඩ් එක Run වෙලා Browser එක Open වුනාට පස්සේ, මැසේජ් එක යවලා ඉවර වෙනකම් Mouse එකවත්, Keyboard එකවත් අල්ලන්න එපා! 🚫🖱️
මොකද Python විසින් තමයි Mouse එකයි Keyboard එකයි පාලනය කරන්නේ. ඔයා මැද්දෙන් පැනලා Click කළොත්, මැසේජ් එක වැරදි තැනක Type වෙන්න පුළුවන්. ඒ නිසා වැඩේ ඉවර වෙනකම් අත් දෙක බැඳගෙන බලන් ඉන්න. 😉
අවසාන වශයෙන්... 🤔
Python කියන්නේ නිකන්ම ගණන් හදන භාෂාවක් නෙමෙයි. ඒක අපේ එදිනෙදා වැඩ ලේසි කරන සුපිරි මෙවලමක්. අදම මේක ට්‍රයි කරලා බලලා, ඔයාගේ බබාට Auto මැසේජ් එකක් යවලා පුදුම කරන්න!
ඊළඟ පාඩමෙන් හමුවෙමු! ඊළඟට අපි Python වල වැදගත්ම පාඩමක් (Theory) ඉගෙන ගෙන, ඊට පස්සේ YouTube Video Download කරන Tool එක හදමු! 👇
දිගටම KP Tech Gear සමඟ රැඳී සිටින්න!

Discussion